ධජග්ග පිරිත - Dhajagga Piritha
ධජග්ග පිරිත
මෙම පිරිතේ ඉතිහාස කතාව සියලු බෞද්ධයන් දැන සිටිය යුතුය. ඒ අනුව එක් කලෙක දෙවියන් හා අසුරයන් අතර යුද්ධයක් සිදුවිය. මෙහිදී දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දෙවියන් තව්තිසා දෙවිවරුන්ට මෙසේ කීය. “යුද්ධයට ගිය විට භයක් හෝ තැති ගැන්මක් වූවොත් මගේ කොඩිය දෙස බලව්. එය නොදැක්‌කහොත් ප්‍රජාපතී දෙවියන්ගේ කොඩිය දෙස බලව්. එයද නොදක්‌නම් වරුණ දෙවියන්ගේ කොඩිය දෙස හෝ එසේත් නොහැකි නම් ඊසාන දෙවියන්ගේ කොඩිය දෙසබලව්. එවිට ඒ බිය හෝ තැති ගැන්ම පහවන්නේය.” යනුවෙනි. මේ කතාව සඳහන් කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එම දෙවිවරුන්ගේ කොඩි දෙස බලන විට බිය පහවන්නටත් පුළුවන. එසේ නොවන්නටත් පුළුවන.
ඊට හේතුව සක්‌දෙව් රජ රාග සහිතය. ද්වේශ සහිතය, මෝහ සහිතය, බියවන තැති ගන්නා කෙනෙකි යනුවෙනි. උන්වහන්සේ වදාළේ ඔබට බියක් හෝ තැති ගැන්මක් ඇති විට නව අරහාදී බුදු ගුණ සහිතව උන්වහන්සේ සිහිකරන ලෙසය. නැතහොත් ධර්මරත්නය හෝ සංඝරත්නය සිහිකරන ලෙසය. මේ අනුව ඉතිපිසෝ ගාථාව ස්‌වාක්‌ඛාතෝ ගාථාව හා සුපටිපන්නෝ ආදී ගාථා තුනෙන් ධජග්ග පිරිත සමන්විතය.
Leave a Comment