වට්ටක පිරිත - Wattaka Piritha
වට්ටක පිරිත - Wattaka Piritha
වට්ටක පිරිත ගිනි භයින් මිදීම සඳහා භාවිත කරති. මෙහි සඳහන් වන්නේ බෝසතාණන් වහන්සේ වටු පැටවකුව විසූ කලෙක හටගත්තා වූ ලැව් ගින්නක් නිවනු පිණිස කළ සත්‍ය ක්‍රියාවකි. එයින් ලැව් ගින්න නිවිණ. ඒ ස්ථානයෙහි මේ කප මුළුල්ලෙහි ගින්නෙන් විනාශයක් නොවන බව චරියා පිටක අටුවාවෙහි කියා තිබේ. මෙය මේ කල්පය මුළුල්ලෙහි බලය පවත්නා පිරිතකැයි කියනු ලැබේ.
අත්ථිලෝකෙ සීලගුණෝ යනාදී මේ ගාථා එන්නේ චරියා පිටක පාළියේ ය. පූරෙන්තං බෝධි සම්භාරෙ යනාදි ගාථා දෙක පසු කාලයේ පිළියෙල වූවකි. මේ පිරිත උණරෝගීනට උණ බැස්සවීම සඳහා ද කියති. ඔබත් මෙම අසිරිමත් සත්‍ය ක්‍රියාව භාවිතා කරන්න මෙය සැදැවත් බවින් යුතුව භාවිතා කරන ඔබට ගින්නෙන් හානි සිදුනොවේ.
Leave a Comment