අංගුලිමාල පිරිත - Angulimala Piritha

අංගුලිමාල පිරිත - Angulimala Piritha

වංචනිකයින්ගේ අදහස් අනුව නොමග ගිය ගුරුවරයාගේ ඉල්ලීම අනුව දහසකට වඩා මිනිසුන් මරමින් ඇගිලි කපමින් මාලයක් සාදා ගුරුවරයාට පුද දීමට සැරසුනු අහිංසක නම් කුමරුවෙකු බුදුන් වහන්සේගේ මගපෙන්වීමෙන් එම දාමරික ක‍්‍රියාවන් අතහැර ආර්ය ජාතියෙහි නැවත් ඉපදීමට යොමු කරවූ අතර විළිරුදාවෙන් දුක්‍ඛිත වූ මවක අරභයා කරන ලද සත්‍යක‍්‍රියාව අංගුලිමාල පිරිත ලෙසින් ව්‍යාවහාරයේ පවතී. එම පිරිතෙහි අදහස වන්නේ ආර්ය ජාතියේ උපන් දා පටන් (රහත් වූ දා සිට) කිසිදු සතෙකුගේ දිවි තොර නොකළ බව සත්‍යයි. ඒ සත්‍යයේ බලයෙන් මේ ගර්භයට ආශිර්වාද වේවා යන්නයි. දහසකටත් අධික මිනිසුන් නැසූ අඟුල්මල්, පැවිදි ව රහත් වීමෙන් පසු ඔහු කෙරෙහි සමාජය තුළ පැවති භීතිය නසන්නට බුදුහිමියන් කළ උපක්‍රමය ලෙසද මෙය දැකිය හැක. අද බෞද්ධ සමාජයේ දරුවෙකු මෙලොවට බිහිවන්නේ බොහෝ විට මෙම ආශිර්වාදයත් සමඟය.


No comments

Powered by Blogger.